මෙහෙයුම් පුවත්

කල්පිටිය මුහුදු තීරයේදී සිදුකල විශේෂ නාවික හමුදා මෙහෙයුමකින් තවත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු තීරයේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තුනක් (03) රැගත් ඩිංගි යාත්‍රාවක් සහ එහි සහය සඳහා පැමිණි සිටි තවත් ඩිංගි යාත්‍රාවක් සැකකරුවන් 04 ක් සමඟ 2025 දෙසැම්බර් 05 දින රාත්‍රියේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. මත්ද්‍රව්‍ය සහිත බවට සැක කෙරෙන උර තුන (03) අද උදෑසන (2025 දෙසැම්බර් 06) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, එම උර තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 63ක‍ට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 14කට අධික තොගයක් ඇති බවට තහවුරු වූ අතර, එම මෙහෙයුම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යන්ශයේදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහභාගී විය.

06 Dec 2025