නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොල කිලෝග්‍රෑම් 1292ක තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම එරුක්කලම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 14 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙනවිත් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ බීඩි කොල කිලෝග්‍රෑම් එක්දහස් දෙසීය අනූ දෙකක (1292) පමණ තොගයක් සමඟ කැබ් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් මන්නාරම එරුක්කලම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ සැකකටයුතු ලෙස නවතා තිබූ කැබ් රථයක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස රැගෙන විත් උර හතලිහක (40) අසුරා ප්‍රවාහනය කිරීමට සූදානම්කර තිබූ, බීඩි කොල කිලෝග්‍රෑම් එක්දහස් දෙසීය අනූ දෙකක (1292) පමණ තොගයක් සමඟ එම කැබ් රථය මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොල තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සුරාබදු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.


