රුපියල් මිලියන 06කට අධික දළ වීථි වටිනාකමින් යුත් විදේශීය කංසා තොගයක් යාපනය ඩෙල්ෆ්ට් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දූපතේ වෙල්ලියායි වෙරළ ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 14 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ තීරයේ සඟවා තිබූ විදේශීය කංසා කිලෝ විසි හයයි (26) ග්‍රෑම් නවසියයක (900) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය මඟින්, ඩෙල්ෆ්ට් දූපතේ වෙල්ලියායි වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ තීරයේ සඟවා තිබූ උරයක් පරීක්‍ෂාවට ලක්කර, එහි පාර්සල් 13ක අසුරා තිබූ විදේශීය කංසා කිලෝ විසි හයයි (26) ග්‍රෑම් නවසියයක (900) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා භාරයට ගත් විදේශීය කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන හයකට අධික වෙතැයි විෂ්වාස කෙරෙන අතර, එම විදේශීය කංසා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

>