ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 02 ක් නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි
අයහපත් කාළගුණික තත්වය හමුවේ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පැවති අධික සුළං හේතුවෙන්, ත්‍රීකුණාමලය ඇතුල් වරාය මුහුදු ප්‍රදේශයේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙක් (02) ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 දෙසැම්බර් මස 15 වැනි දින සිදුකල විශේෂ මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින් නිරුපද්‍රිතව මුදාගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පැවති අධික සුළං සහ රළු මුහුදු ස්වභාවය හේතුවෙන්, ඇතුල් වරාය මුහුදු ප්‍රදේශයේ පෙරලී තිබු CANOE වර්ගයේ කුඩා ධීවර යාත්‍රාවක් (NTBR-A-2170-TCO), ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනය මඟින් නිරීක්‍ෂණය කර සිදුකළ මෙම විශේෂ මුදාගැනීමේ මෙහෙයුම මඟින්, ආපදාවට පත් එම ධීවර යාත්‍රාවේ ජීවිත අවදානමට පත්ව සිටි ධීවරයින් දෙදෙනෙකු (02) නිරුපද්‍රිතව මුදා ගැනීමට සමත් විය.
තවද, මුදාගත් ධීවරයින් දෙදෙනා සහ ධීවර යාත්‍රාව ඉදිරි කටයුතු සඳහා ත්‍රීකුණාමලය මඩ්කෝව් ජැටිය වෙත රැගෙන ඒමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.



