මෙහෙයුම් පුවත්

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2026 ජනවාරි මස 01 දින රාත්‍රී කාලයේ, යාපනය කරෙයිනගර්, කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් එකොළොස් දෙනෙකු (11) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

02 Jan 2026

වෝටර් ජෙල් වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 115ක් සමඟ සැකකරුවෙකු මන්නාරමේදී නීතියේ රැහැනට ‍

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව මන්නාරම පල්ලිමුනෛ ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 31 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකිරීම සඳහා සන්තකයේ තබා සිටි වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු එකසිය පහළොවක (115) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

02 Jan 2026