ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කොළඹ අළුත්කඩේ ප්‍රදේශයේ 2026 ජනවාරි මස 08 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි එක්දහස් පන්සිය හැටක (1560) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.