විදේශීය කංසා කිලෝ 02ක් සමඟ සැකකරුවෙක් යාපනය මරදන්කේනි ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව, යාපනය මරදන්කේනි ප්‍රදේශයේ 2026 ජනවාරි මස 09 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී විදේශීය කංසා කිලෝග්‍රෑම් දෙකක (02) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු නාවික විධානයේ, පේදුරුතුඩුව නාවික අනුකණ්ඩය, නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයෙකු (01) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම පුද්ගලයා සංතකයේ තිබූ විදේශීය කංසා කිලෝග්‍රැම් දෙකක (02) පමණ තොගයක් සමඟ එම සැකකරු (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 19ක් වන යාපනය චැම්පියන්පත්තු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ විදේශීය කංසා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාරදීමට කටයුතු කෙරිණි.




