නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 13ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 ජනවාරි 06 වැනි දින සිට 11 වැනි දින දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන්, බලපත්‍ර නොමැතිව කිමිදුම් කටයුතු සිදුකරමින් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් දහතුන් දෙනෙකු (13) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ත්‍රීකුණාමලය කුච්චවේලි, මන්නාරම නරිවිලකුලම්, පුත්තලම කායක්කුලි සහ ගාල්ල රත්ගම වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුරු මැද, වයඹ සහ දකණු නාවික විධාන විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකාය, මන්නාරම හා නානට්ටාන් ධීවර පරීක්‍ෂක කාර්යාල සහ ගාල්ල වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කෙරිණි.