නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල පක්‍ෂීන් 237ක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කච්චතිව් දුපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස විදේශයකින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කල පක්‍ෂීන් දෙසීය තිස් හත් දෙනෙකු (237) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2026 ජනවාරි 14) අළුයම් කාලයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයට අයත් කච්චතිව් දූපතේ නාවික අනුඛණ්ඩය මඟින්, එම දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කල ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කෙරිණි. අනතුරුව, උතුරු නාවික විධානයට අයත් නාවික හමුදා යාත්‍රාවක් යොදා සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ඩිංගි යාත්‍රාව මඟින් නීතී විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහකල පරවියන් දෙසීය තිස් හත් දෙනෙකු (237) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 25 සහ 41 අතර වයසේ පසුවන, යාපනය ඩෙල්ෆ්ට් දූපතේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ පක්‍ෂීන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.





