මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල පක්‍ෂීන් 237ක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කච්චතිව් දුපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස විදේශයකින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කල පක්‍ෂීන් දෙසීය තිස් හත් දෙනෙකු (237) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2026 ජනවාරි 14) අළුයම් කාලයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

15 Jan 2026

නීති විරෝධී ලෙස ගොඩ දැමූ වැලි රැගත් ඩිංගි යාත්‍රා 05ක් ත්‍රිකුණාමලය උප්පාරු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය උප්පාරු ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මහවැලිග‍ඟේ උප්පාරු පාලම අසල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ගොඩ දැමු වැලි තොග රැගත් ඩිංගි යාත්‍රා පහක් (05), 2026 ජනවාරි මස 13 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

15 Jan 2026