හම්බන්තොට නගර සභාවේ කසල බැහැර කිරිමේ අංඟනයේ ඇතිවු හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහය
හම්බන්තොට නගර සභාවේ කසල බැහැර කිරිමේ අංඟනයේ ඇතිවු හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා දකුණු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයට අයත් කණ්ඩායමක සහය ලබාදීමට 2026 ජනවාරි මස 23 දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, හම්බන්තොට නගර සභාවේ කසල බැහැර කිරිමේ අංඟනයේ ගින්නක් හටගෙන ඇති බවට ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයට ලද තොරතුරකට අනුව එම අයතනයේ ගිනි නිවීමේ ඒකකයට අයත් නාවික පුද්ගලයින් සහ ජල බවුසරයක් යොදවා, හම්බන්තොට සහ තංගල්ල මහනගර සභාවේ ගිණි නිවීමේ ඒකකයන්ගේද සහය ඇතිව, මහත් පරිශ්‍රමයක් යොදා ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.





