නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 1158 ක් සන්තකයේ තබාගත් සැකකරුවෙක් තලෙයිමන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය හා එක්ව, තලෙයිමන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ 2026 ජනවාරි මස 25 වැනි දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් ගණනින් එක්දහස් එකසිය පනස් අටක (1158) තොගයක් නිවසක ගබඩා කරගෙන සිටි පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය, මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය හා එක්ව, ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම නිවසේ ගබඩා කර තිබූ, වට ප්‍රමාණය මිලිමීටර් 70 යන අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් ගණනින් එක්දහස් එකසිය පනස් අටක (1158) තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 65 ක් වන මන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු සහ හක් බෙල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.