නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ත්‍රිකුණාමලය කල්ලඩිචේනයි වෙරළ ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය කල්ලඩිචේනයි වෙරළ ප්‍රදේශයේ 2026 ජනවාරි මස 28 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර ගණනින් එකසිය දහ හතක් (117) සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනය මඟින්, ත්‍රිකුණාමලය කල්ලඩිචේනයි වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, වෙරළේ සිට නීති විරෝධී ලෙස රැගෙන යමින් සිටි කැස්බෑ බිත්තර ගණනින් එකසිය දහ හතක් (117) සමඟ සැකකරුවෙකු (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු අවුරුදු 57 ක වයසේ පසුවන ත්‍රිකුණාමලය තෝපූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරු සහ කැස්බෑ බිත්තර තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සේරුනුවර වනජීවී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.