මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි 86800ක් සහ බීඩි කොළ කිලෝග්‍රෑම් 1250 කට අධික තොගයක් සමඟ සැකකරුවෙකු පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම දළුව ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 12 වැනි දින සිදුකල විශේෂ සොදිසි මෙහෙයුමකදී, නිති විරෝධි ලෙස රැගෙනවිත් ප්‍රවාහනය සඳහා සූදානම් කල බීඩි අසූ හයදහස් අටසියයක (86800) තොගයක්, බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසීය පනහකට (1250) අධික තොගයක්, සකසන ලද බීඩි කොළ පාර්සල් එකසිය තිස් දෙකක් (132), ගල් අඟුරු කිලෝග්‍රෑම් එකසිය තුනක (103) පමණ තොගයක් සහ ෂැම්පු පැකට් එක්දහස් පන්සිය අනූහතරක (1594) තොගයක් සමඟ ලොරි රථයක් සහ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනිමට කටයුතු කෙ‍රිණි.

13 Feb 2026