ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 පෙබරවාරි මස 15 දින රාත්‍රී කාලයේ සහ අද අලුයම් කාලයේ (2026 පෙබරවාරි 16), යාපනය කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් විසිපස් දෙනෙකු (25) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.