නීති විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි 2000ක තොගයක් සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ වරාය පොලීසිය හා එක්ව කොළඹ වරාය තුල 2026 පෙබරවාරි මස 16 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි දෙදහසක (2000) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය, කොළඹ වරාය පොලීසිය හා එක්ව, කොළඹ වරාය තුල සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයෙකු (01) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි දෙදහසක (2000) පමණ තොගයක් සමඟ එම සැකකරු (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
තවද, මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47 වන පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.




