මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස රාත්රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 10 ක් කිලිනොච්චි ඉරණතිව් මුහුදේදී නාවික හමුදා භාරයට
රී ලංකා නාවික හමුදාව කිලිනොච්චි ඉරණතිව් බටහිර මුහුදු ප්රදේශයේ 2026 පෙබරවාරි මස 23 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දස දෙනෙකු (10) සමඟ මුහුදු කූඩැල්ලන් එක්දහස් දෙසීය තිස් දෙකක් (1232), ඩිංගි යාත්රා තුනක් (03) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
23 Feb 2026
විදේශීය කංසා කිලෝ 02ක් සමඟ සැකකරුවෙක් පුත්තලම සාලියවැව ප්රදේශයේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හා එක්ව, පුත්තලම සාලියවැව ප්රදේශයේ 2026 පෙබරවාරි මස 22 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී විදේශීය කංසා කිලෝග්රෑම් දෙකක (02) පමණ ප්රමාණයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
23 Feb 2026


