නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ, විදේශීය දුම්වැටි සහ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් 02ක් හලාවතදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව හලාවත සහ තුඩුවාව මුහුදු ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 21 වැනි දින සිදුකළ විශේෂ එකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි සහ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් නවසිය අනුදෙකකට (992) අධික තොගයක්, විදේශීය දුම්වැටි එක්ලක්‍ෂ හතලිස් දහසක් (140,000), කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව හලාවත සහ තුඩුවාව මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින් එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබූ බීඩි කොළ උර විසිපහක් (25), සිගරට් ඇසුරු පෙට්ටි 14ක් සහ කෘමිනාෂක ද්‍රව්‍ය අඩංගු පෙට්ටියක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උරතුල අසුරා තිබූ, නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි සහ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් අතහැර දමා යනලද බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් නවසිය අනුදෙකකට (992) අධික තොගයක්, විදේශීය දුම්වැටි එක්ලක්‍ෂ හතලිස් දහසක් (140,000), කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන් සමඟ බීඩි කොළ, විදේශීය දුම්වැටි, කෘමිනාශක තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා හලාවත සුරාබදු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.






