නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 19ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 පෙබරවාරි 16 සිට 28 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් දහනව දෙනෙකු (19) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02), කැනොයි යාත්‍රා තුනක් (03) සහ ඔරු හතක් (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ත්‍රීකුණාමලය කදිරවේලි, කොඩ්බේ, කොකිලායි, මුතූර්, නොර්වේ දූපත සහ මන්නාරම තාල්පාඩු, ඉරණතිව් දකුණු වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි නැගෙනහිර සහ උතුරු මැද නාවික විධාන විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකාය, වාලච්චේනයි, කොඩ්බේ, මුතූර්, කින්නියා හා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාල සහ මුලන්කාවිල් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.