නීති විරෝධි ලෙස අලෙවි කිරීමට සූදානම් කළ ඖෂධ පෙති තොගයක් සමඟ සැකකරුවෙකු සමන්තුරේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2026 මාර්තු මස 04 වැනි දින, අම්පාර, සමන්තුරේ ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ ඖෂධ පෙති දෙසියයක (200) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ගිනිකොන නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායු ආයතනය, සමන්තුරේ පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2026 මාර්තු මස 04 වැනි දින සමන්තුරේ නගරයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයෙකු පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කර තුබූ ඖෂධ පෙති දෙසියයක (200) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 19 ක් වන සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු සහ ඖෂධ පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සමන්තුරේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.