මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධී ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝ ග්‍රෑම් 06 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව අද (2026 මාර්තු 09) උදෑසන යාපනය කන්කසන්තුරයට ඔබ්බෙන් වු දේශීය ජල තීරය තුල, ලද විශ්වසනීය තොරතුරකුට අනුව සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රත්‍රං කිලෝ හයයි (06) ග්‍රෑම් අටසිය හැට පහක (865) පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකුරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට සැකකරුවන් වයස අවුරුදු 41 ක් සහ 49 ක් වන යාපනය මාදගල් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, රත්‍රං තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, කන්කසන්තරය රේගු දෙපාර්තමේන්තුවේ උප නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.