නීති විරෝධී ලෙස ගොඩ දැමූ වැලි රැගත් ඩිංගි යාත්‍රා 18ක් සමඟ සැකකරුවන් 02ක් ත්‍රිකුණාමලය උප්පාරු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය උප්පාරු ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මහවැලි ග‍ඟේ උප්පාරු පාලම අසල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ගොඩ දැමු වැලි තොග රැගත් ඩිංගි යාත්‍රා දහ අටක් (18) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) 2026 මාර්තු මස 06 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රීලංනානෞ ගෝකණ්න ආයතනය මඟින්, මහවැලිග‍ඟේ උප්පාරු පාලම අසල ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා දහ අටක් (18)ක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, මහවැලි ග‍ඟේ උප්පාරු පාලම අසල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ගොඩදමන ලද වැලි රැගත් එම ඩිංගි යාත්‍රා දහ අට (18) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 43ක් සහ 46ක් වන ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, නීති විරෝධී ලෙස ගොඩ දමන ලද වැලි තොගය, ඩිංගි යාත්‍රා නීතිමය කටයුතු සඳහා කින්නියා පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.