මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස ගොඩ දැමූ වැලි රැගත් ඩිංගි යාත්‍රා 18ක් සමඟ සැකකරුවන් 02ක් ත්‍රිකුණාමලය උප්පාරු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය උප්පාරු ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මහවැලි ගඟේ උප්පාරු පාලම අසල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ගොඩ දැමු වැලි තොග රැගත් ඩිංගි යාත්‍රා දහ අටක් (18) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) 2026 මාර්තු මස 06 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි
10 Mar 2026
මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධී ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝ ග්‍රෑම් 06 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව අද (2026 මාර්තු 09) උදෑසන යාපනය කන්කසන්තුරයට ඔබ්බෙන් වු දේශීය ජල තීරය තුල, ලද විශ්වසනීය තොරතුරකුට අනුව සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රත්‍රං කිලෝ හයයි (06) ග්‍රෑම් අටසිය හැට පහක (865) පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකුරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
10 Mar 2026
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහකල වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 1,146ක් සමඟ සැකකරුවන් 07ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මොහොත්තුවාරම් සහ කීරිමුන්දලම මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි 2026 මාර්තු මස 05 සහ 06 දෙදින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රටතුලට රැගෙන ඒමට උත්සහ කල වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් එක්දහස් එකසිය හතලිස් හයක් (1,146) රැගත් ඩිංගි යාත්‍රා තුනක් (03) සමඟ සැකකරුවන් හතක් (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
10 Mar 2026


