මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක නාවික හමුදා මෙහෙයුම් මඟින් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654 කට අධික තොගයක් සහ අවි ආයුධ තොගයක් නාවික හමුදා භාරයට
‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස, එහි අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් නාවික හමුදාව දිවයින වටා මුහුදු කාලපය ආවරණය වන පරිදි විශේෂිත වූ නාවික මෙහෙයුම් ක්‍රියාවට නන්වා ඇති අතර, ඒ යටතේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකරන ලද සාර්ථක නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අඩංගු උර තොගයක් සහ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරන බවට සැකපිට දේශීය බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) සහ එම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙණ තවත් බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එම බහුදින ධීවර යාත්‍රා, 2026 මාර්තු 12 වැනි දින දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්රව්ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, නාවික හමුදා භාරයට ගත් උර තුළ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝග්‍රෑම් හාරසිය හැත්තෑ අටකට (478) අධික තොගයක්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය හැත්තෑ හයකට (176) අධික තොගයක්, යාන්ත්‍රික ගිනි අවි තුනක් (03) හා පැති අවි අටක් (08) සහ සන්නිවේදන උපකරණ ඇති බවට තහවුරු වූ අතර, එම මත්ද්‍රව්‍ය තොගය හා අවි ආයුධ තොගය නිරීක්‍ෂණය සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සමඟ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහ ශ්‍රී ලංකා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා සහභාගීවූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය තුමන් අදහස් දක්වමින්, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ දැක්ම සහ එය යතාර්ථයක් කරගැනීම වෙනුවෙන් ත්‍රිවිද හමුදාව, පොලීසිය, පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය ඇතුළු අනෙකුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන විශාල කාර්යය භාරයක් සිදුකරන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ජාවාරම, මිනිස් ජාවාරම හා බැඳුණු අපරාධ ජාලය මැඩපැවැත්වීම සඳහා රජයේ අඛණ්ඩ කැපවීමේ ප්‍රථිඵලයක් වශයෙන් නාවික හමුදාව දකුණු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමක් මඟින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සහ අවි ආයුධ තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වු බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට සමඟාමිව නීති විරෝධී ගිණි අවි මඟින් ජන ජීවිතයට සහ රටේ ස්ථාවර භාවයට සිදුවන බලපෑම වැළැක්වීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගයන්ගේ සාර්ථකත්වයත් මෙවැනි සාර්ථක මෙහෙයුම් මඟින් තහවුරුවන බවත් පවසන ලදි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමන්, නාවික හමුදාව ඉතාමත්ම සූක්ෂම ලෙස ක්‍රියාන්විත සැලසුම් කර, මුහුදේ ආවේක්‍ෂණ කටයුතු සමඟ තොරතුරු විශ්ලේෂණය කරමින් අනෙකුත් ආයතන සමඟ සම්බන්ධීකරණය වෙමින් මනාව සැලසුම් කර සිදුකරන මෙහෙයුම් මඟින් මෙවැනි සාර්ථක ප්‍රථිඵල ලබා ගැනීමට හැකිවී ඇති බවත්, රටේ සාමකාමී වාතාවරනයට හානිවන ලෙස සහ ජාතික ආරක්‍ෂාවට හා මහජන ආරක්‍ෂාවට තර්ජනයක් වන ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපය සහ ගුවන් කලාපය භාවිතා කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ ජාලයට කිසිදු ඉඩක් නොතබන බවත් ඒ සඳහා ආරක්‍ෂක අංශ වෙත වගවීමක් පවතින බවත් පවසන ලදි.
රටේ ඇතිවූ දිට්වා ආපදා තත්වය හමුවේ වුවද ජාතික ආරක්‍ෂාව හා මහජන ආරක්‍ෂාව වෙනුවෙන් ත්‍රිවිද හමුදාව හා පොලීසිය විශාල කාර්යභාරයක් සිදුකල බව පැවසූ එතුමන්, වර්තමානයේ පවතින ලෝක වාතාවරණය ශ්‍රී ලංකා නාවික හමුදාව සුවිශාල කාර්යභාරයක් සිදුකරමින් සිටියදී වුවද, මහජන ආරක්‍ෂාව වෙනුවෙන් හා තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදා ගැනීම වෙනුවෙන් අනෙකුත් පාර්ශවයන් සමඟ එක්ව සිදුකරනු ලබන සුවිශේෂි දායකත්වය සම්බන්ධයෙන්, ගරු ජනාධිපති තුමා වෙනුවෙන් ගෞරවය හා ප්‍රණාමය පල කරන බවත් පවසන ලදි.
‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විශේෂ දායකත්වයක් දක්වන බව පැවසූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා, 2025 වර්ෂයේදී නාවික හමුදාව සිදුකල මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 75000 කට අධික දල වීථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය සමඟ මත්ද්‍රව්‍ය රැගෙන ආ යාත්‍රා 136ක්ද, 2026 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් විෂ මත්ද්‍රව්‍ය රැගෙන ආ යාත්‍රා 14ක්ද අත්අඩංගුවට ගෙන ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා දායකවන නාවික හමුදාව ඇතුළු සියළුම පාර්ශවයන් වෙත ගරු ජනාධිපතිතුමා වෙනුවෙන් සහ මහජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රණාමය පිරිනමන බවත් පවසන ලදි.
රටේ ප්‍රධාන ව්‍යසනයක් බවට පත්වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු ජාලය පිටුදැකීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත පමණක් නොව සමාජයේ සියළුම පාර්ශවයන් වෙත විශේෂ වගකීමක් පවතින බවත්, ධීවර ප්‍රජාවට ඒ සඳහා අනුබල දීමෙන් වලකින ලෙසත් අවධාරනය කරමින්, කිසිදු ලෙසකින් මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් හෝ ගුවන් මඟින් රටතුලට රැගෙන ඒමට හැකියාවක් නොමැති බැවින්, ජාවාරම්කරුවන්, වෙළෙන්දන් සහ බෙදාහරින්නන් හට ජාවාරමෙන් ‘ඉවත්වෙනු’ කියා අවධාරනය කළ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හටත් මේ විනාශකාරි පුරුද්දෙන් මිදෙන ලෙස වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
එමෙන්ම, මත්ද්‍රව්‍ය වැරදි සඳහා දැඩි දඩුවම් දීමට නීති සංශෝධන සිදුකරන බවත්, නිතීය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ස්වාධීනව මෙහෙයුම් සිදුකිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බැවින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධ තොරතුරු 1818 සහ 1997 යන ක්‍ෂණික දුරකථන අංක වෙත ලබා දෙන ලෙස මහජනතාව වෙතින් ඉල්ලා සිටිමින්, මත්ද්‍රව්‍ය ව්‍යසනය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා වගකීම් සහගත මාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් ගේ කාර්යය භාරය ඇගයීමද, එහිදී ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් විසින් සිදුකෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක (02), කිලෝග්‍රෑම් හාරසිය හැත්තෑ අටකට (478) අධික අයිස් මත්ද්‍රව්‍ය තොගය, කිලෝග්‍රෑම් එකසිය හැත්තෑ හයකට (176) අධික හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, අවි ආයුධ තොගය සහ සන්නිවේදන උපකරණ සමඟ සැකකරුවන් දස දෙනා (10) ඉදිරි වැඩිදුර විමර්ශන හා නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


