මෙහෙයුම් පුවත්

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2026 මාර්තු මස 11 දින රාත්‍රී කාලයේ, මන්නාරමට උතුරු දෙසින් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් ‍දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Mar 2026

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි කජු තොගයක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ආලන්කුඩා සහ බන්ගලාවත්ත වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2026 මාර්තු මස 10 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස රැගෙන ආ වියළි කජු කිලෝග්‍රෑම් එක්දහස් අටසිය හතලිහක (1840) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථ දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Mar 2026

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක නාවික හමුදා මෙහෙයුම් මඟින් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654 කට අධික තොගයක් සහ අවි ආයුධ තොගයක් නාවික හමුදා භාරයට

‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස, එහි අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් නාවික හමුදාව දිවයින වටා මුහුදු කාලපය ආවරණය වන පරිදි විශේෂිත වූ නාවික මෙහෙයුම් ක්‍රියාවට නන්වා ඇති අතර, ඒ යටතේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකරන ලද සාර්ථක නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අඩංගු උර තොගයක් සහ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරන බවට සැකපිට දේශීය බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) සහ එම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙණ තවත් බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Mar 2026