මෙහෙයුම් පුවත්
ශ්‍රී ලංකාවට බටහිර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 255 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීම වෙනුවෙන් නාවික හමුදාව ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, අනෙකුත් සන්නද්ධ හමුදා ඇතුළු නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හා එක්ව දිවයින වටා මුහුදු කලාපය ආවරණය වන පරිදි විශේෂිත වූ නාවික මෙහෙයුම් ක්‍රියාවට නන්වා ඇත. ඒ යටතේ බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ සිදුකල මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බහාලූ බවට සැක කෙරෙණ උර දහයක් (10) ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
17 Mar 2026
රුපියල් මිලියන 15කට අධික දළ වීථි වටිනාකමකින් යුත් විදේශීය කංසා තොගයක් කිලිනොච්චියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චි ඩෙවිල්ස් පොයින්ට් මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ විදේශීය කංසා කිලෝ හැත්තෑ අටයි (78) ග්‍රෑම් තුන්සියයක (300) පමණ තොගයක් 2026 මාර්තු මස 13 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
17 Mar 2026


