ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මාර්තු මස 03 සිට 18 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන්, විදුලි ආලෝක ධාරා ඇතුළු නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන්, බලපත්‍ර නොමැතිව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් සහ වින්ච් යන්ත්‍ර හා ට්‍රැක්ටර් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් පනස් තුන් දෙනෙකු (53) සමඟ ඩිංගි යාත්‍රා දහතුනක් (13) සහ ට්‍රැක්ටර් රථ හතරක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.