නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 468ක පමණ තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම තලවිල එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශයේ 2026 මාර්තු මස 26 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හැට අටක (468) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින්, පුත්තලම තලවිල එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුම අතරතුරදි, සැකකටයුතු උර පහළොවක (15) අසුරා තබා අතහැර ගොස් තිබු නීති විරෝධී බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හැට අටක (468) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එමෙන්ම, වෙරළ තීරයන් ආවරණය වන පරිදි සිදු කරනු ලබන නිරන්තර නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් මෙම බීඩි කොළ තොගය අතහැර දමා යනලද බවට සැක කෙරේ.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොල තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.




