මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්රෑම් 468ක පමණ තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, පුත්තලම තලවිල එරඹුගොඩැල්ල වෙරළ ප්රදේශයේ 2026 මාර්තු මස 26 වැනි දින රාත්රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්රෑම් හාරසිය හැට අටක (468) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
30 Mar 2026
නීති විරෝධී ලෙස රාත්රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04ක් මන්නාරම වංකාලයි මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, මන්නාරම වංකාලයි මුහුදු ප්රදේශයේ 2026 මාර්තු මස 27 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04), මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්සිය හතලිස් නවයක් (349) සහ කිමිදුම් උපකරණ සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
30 Mar 2026


