මෙහෙයුම් පුවත්
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 323 කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් වලට සමඟාමීව ‘රටම එකට’ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහි ජාතික වැඩපිළිවෙල වෙනුවෙන්ද තීව්‍ර නාවික මෙහෙයුම් සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි සිදුකරනු ලබයි. ඒ යටතේ, ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකල මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බහාලූ බවට සැක කෙරෙණ උර දහනවයක් (19) ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 Apr 2026
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල භාණ්ඩ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, කුඩාව වෙරළ ප්‍රදේශයේ 2026 මාර්තු මස 31 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැක කෙරෙණ භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 Apr 2026


