නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 36 ක් මන්නාරම ඉලුප්පුකඩවායි මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ඉලුප්පුකඩවායි මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 30 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් තිස් හය දෙනෙකු (36) සමඟ ඩිංගි යාත්‍රා හයක් (06), මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් හත්සිය පනහක් (1750) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින්, මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුම අතරතුරදි සැකකටයුතු ඩිංගි යාත්‍රා හයක් (06) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් තිස් හය දෙනෙකු (36) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් හත්සිය පනහක් (1750), ඩිංගි යාත්‍රා හයක් (06) සහ කිමිදුම් කටයුතු සදහා යොදා ගනු ලැබු කිමිදුම් උපකරණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 22 ත් 59 ත් අතර වයසේ පසුවන ඉලුප්පුකඩවායි සහ නච්චිකුඩා යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත. එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ කිමිදුම් උපකරණ සමග ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම පූනකරි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දෙන ලදි. පසුව කිලිනොච්චි ධීවර පරීක්‍ෂක කාර්යාලයෙන් ලද උපදෙස් මත මුහුදු කූඩැල්ලන් තොගය නච්චිකුඩා ජැටිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශය වෙත නිදහස් කිරීමටද කටයුතු කොට ඇත.




