මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස රාත්රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 36 ක් මන්නාරම ඉලුප්පුකඩවායි මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව මන්නාරම ඉලුප්පුකඩවායි මුහුදු ප්රදේශයේ 2026 මාර්තු මස 30 වැනි දින රාත්රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් තිස් හය දෙනෙකු (36) සමඟ ඩිංගි යාත්රා හයක් (06), මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් හත්සිය පනහක් (1750) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
02 Apr 2026
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ එනසාල් තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කිරිමුන්දලම මුහුදු ප්රදේශය ආවරණය වන පරිදි 2026 මාර්තු මස 31 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුරදි, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ එනසාල් කිලෝ ග්රෑම් අනු අටක (98) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
02 Apr 2026


