මෙහෙයුම් පුවත්

නීති විරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 907 පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2026 අප්‍රේල් මස 06 හා 07 යන දෙදින තුල කල්පිටිය, බංගලවත්ත හා සේතවාදී වෙරළ ප්‍රදේශ ආවරණය කරමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීතිවිරෝධී ලෙස රට තුළට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 907කට ආසන්න තොගයක් සැකකටයුතු ලෙස උරවල අසුරා සඟවා තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

10 Apr 2026

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2026 අප්‍රේල් මස 08 දින රාත්‍රී කාලයේ, මන්නාරමට උතුරු දෙසින් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් ‍දසදෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

10 Apr 2026