මෙහෙයුම් පුවත්

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 අප්‍රේල් මස 11 වැනි දින රාත්‍රී කාලයේ, යාපනය කරෙයිනගර් කෝවිලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් ‍දොලොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 Apr 2026

නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 06ක් යාපනය නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 10 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කර මුහුදු කූඩැල්ලන් අල්ලා ගොඩබිමට රැගෙන එමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් නවසිය තිස් නවයක් (939), ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 Apr 2026