කැස්බෑ මස් තොගයක් සමඟ සැකකරුවන් 03ක් මන්නාරම වන්කාලෛයි වෙරළ ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම වන්කා‍ලෛයි වෙරළ ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 14 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, කැස්බෑ මස් කිලෝ ග්‍රෑම් විසි හයකට (26) අධික තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පුස්සදේව ආයතනය මඟින්, මන්නාරම වන්කාලෛයි වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, ඩිංගි යාත්‍රාව තුල තිබූ කැස්බෑ මස් කිලෝ ග්‍රෑම් විසි හයකට (26) අධික තොගයක් සහ ඩිංගි යාත්‍රාව (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 40 හා 41 අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන්, කැස්බෑ මස් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම වනජීවී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.