හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 161කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට
‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස මත්ද්‍රව්‍ය ව්‍යසනය සමාජයෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයින වටා මුහුදු කලාපය ආවරණය කරමින් විශේෂ නාවික මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකළ තවත් සාර්ථක නාවික මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය බහාලූ බවට සැක කෙරෙණ උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එම බහුදින ධීවර යාත්‍රාව, අද (2026 අප්‍රේල් 17) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකළ විශේෂ පරීක්ෂාවේදී, යාත්‍රාවේ තිබූ උර තුළ, හෙරොයින් කිලෝග්‍රෑම් එකසිය හැට එකකට (161) කට අධික තොගයක් ඇති බව තහවුරු විය.
මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ද සහභාගී වූ අතර, එහිදී අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මත්ද්‍රව්‍ය ජාවාරම සංවිධානාත්මක හා සැලසුම් සහගත ක්‍රියාවලියක් ලෙස දිගුකාලීනව පැවති බවත්, වර්ථමාන රජය විසින් “රටම එකට” ජාතික මෙහෙයුම තුලින් නාවික හමුදාව ඇතුළු ත්‍රිවිද හමුදාවන්, පොලීසිය, විශේෂ කාර්ය බලකාය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා ජාත්‍යන්තර ආයතන ඒකාබද්ධ කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට රාජ්‍ය වැඩපිළිවෙළක් සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
තවද, මත්ද්‍රව්‍ය වලට එරෙහි මෙහෙයුම් වල සාර්ථකත්වය සනාථ කරමින් සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කරමින් 2025 වර්ෂයේ නාවික හමුදාව පමණක් සිදුකළ මෙහෙයුම් මගින් නාවික භාරයට ගෙන නීතියේ රැහැනට පමුණු වන ලද මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 75,000කට අධික බවත්, 2026 වර්ෂයේ ගතවූ මාස හතර තුළ පමණක් රුපියල් මිලියන 50,000කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් නාවික භාරයට ගෙන නීතියේ රැහැනට යොමු කොට ඇති බවත්, අනාවරණය කළේය. එසේම, එම කාලය තුළ දේශීය බහුදින ධීවර යාත්‍රා දාහතරක (14) ප්‍රමාණයක් හා එහි සිටි සැකකරුවන් එකසිය විසිහතක් (127) නාවික භාරයට ගෙන ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සදහා යොමු කොට ඇති බවත්, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය නැවත සමාජයට යාමට කිසිදු ඉඩක් නොදෙන අතර, ඒවා ක්‍රමවත් ලෙස විනාශ කරන බවත් අමාත්‍යවරයා එහිදි අවධාරණය කළේය.
තවදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය තුමන්, මානව සම්පත රටේ වැදගත්ම සම්පත බවට පෙන්වාදුන් අතර, සෞඛ්‍ය සම්පන්න මානව සම්පතක් මතින් ගුණාත්මක ශ්‍රම බලකායක් ගොඩනැගී, එමඟින් රටේ ආර්ථිකය ද ශක්තිමත් වන බවද පැවසීය.
එසේම, “පෝසත් රටක් – ලස්සන ජීවිතයක්” යන අරමුණ සාර්ථක කර ගැනීම, රටේ ජනතාව ආර්ථික වශයෙන් පමණක් ශක්තිමත් වීමෙන් සීමා නොවන බවද අවධාරණය කෙරු අමාත්‍ය තුමන්, ඒ සඳහා ජනතාවගේ ගරුත්වය, හැදියාව සහ සිතුම් පැතුම් ද පොහොසත් විය යුතු බව පෙන්වා දෙන ලදි. තවද, “රටම එකට” ජාතික මෙහෙවර වඩාත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය නව නීති සම්පාදනය කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම ජනාධිපතිතුමාගේ උපදෙස් මත සිදුකරමින් පවතින බවද ප්‍රකාශ කෙරිණි. ඒ අනුව, අනාගත පරපුර සඳහා නීති ගරුක හා ශිෂ්ට සමාජයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය කටයුතු ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් සඳහන් කෙරිණි.
අවසානයේ, මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් මාධ්‍යවේදීන් විසින් ලබා දෙන දායකත්වය අගය කළ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, මත්ද්‍රව්‍ය ව්‍යසනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වගකීම් සහගත මාධ්‍යකරණය තවදුරටත් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව (01), කිලෝග්‍රෑම් එකසිය හැට එකකට (161) අධික හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් සිව් දෙනා (04) ඉදිරි වැඩිදුර විමර්ශන හා නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


