ශ්‍රී ලංකා නාවික හමුදාව, බුද්ධි තොරතුරු මත කල්පිටිය කුඩාව ප්‍රදේශය ආශ්‍රිතව 2026 අප්‍රේල් මස 18 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් තුන්සියකට (1,300) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.