නීති විරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 1030කට අධික තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 අප්‍රේල් මස 22 වැනි දින කල්පිටිය, තිල්ලයාඩි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 1030කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය, තිල්ලයාඩි වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු උර විසි හයක් (26) නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උර තුළ අසුරා තිබූ, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් එක්දහස් තිස් අටක (1038) පමණ තොගයක් නාවික හමුදාව භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් වියළි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.