නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 03ක් යාපනයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කුඩාඉරිප්පු වෙරළ ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 27 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු කිමිදුම් බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කර, මුහුදු කූඩැල්ලන් අල්ලා ගොඩබිමට රැගෙන එන ලද පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් හාරසිය පනහක් (450), ඩිංගි යාත්‍රාවක් (01) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම වෙත්තලකේණි ආයතනය මඟින්, යාපනය කුඩාඉරිප්පු වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, වලංගු කිමිදුම් බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර, මුහුදු කූඩැල්ලන් අල්ලා ගොඩබිමට රැගෙන එන ලද පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් හාරසිය පනහක් (450), ඩිංගි යාත්‍රාවක් (01) සහ කිමිදුම් උපකරණ මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 27 ත් 44 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, කිමිදුම් උපකරණ සමඟ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.