ශ්රී ලංකා නාවික හමුදාව, මන්නාරම උතුරු මුහුදේ සහ නඩුකුඩා වෙරළ ප්රදේශයේ 2026 මැයි මස 15 හා 16 දෙදින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්රෑම් අටසිය තිහකට (830) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.