මෙහෙයුම් පුවත්
විශේෂ සෝදිසි මෙහෙයුමකින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය තලවිල වෙරළ ප්රදේශයේ 2026 මැයි මස 17 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැක කෙරෙන භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
19 May 2026
නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 32ක් නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, 2026 මැයි මස 01 සිට 15 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; සංරක්ෂිත මසුන් තොගයක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ නීති විරෝධීව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් තිස් දෙනෙකු (30), ධීවර යාත්රා දහතුනක් (13), ට්රැක්ටර් රථයක් (01), ලොරි රථයක් (01) හා තහනම් ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
19 May 2026


