මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 153 කට අධික දළ වීථි වටිනාකමින් යුත් හසීස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් කොළඹදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව කොළඹ 12 ප්‍රදේශයේ 2025 මාර්තු මස 19 වැනි දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, හසීස් මත්ද්‍රව්‍ය කිලෝ 19 ග්‍රෑම් 348ක තොගයක්, හෙරොයින් ග්‍රෑම් 348ක ප්‍රමාණයක් සහ අයිස් ග්‍රෑම් 4ක ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

20 Mar 2025

දේශිය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 මාර්තු මස 17 වැනි දින රාත්‍රී කාලයේ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු තීරයේදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

18 Mar 2025

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 26 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මුලතිව් නන්දිකඩාල් කලපුව, ත්‍රීකුණාමලය බැක් බේ, මන්මුනෙයි, එරක්කන්ඩි, වෙත්තලකේනි, මඩකලපුව කලපුව, මන්නාරම, යාපනය කුදිරමලේතුඩුව සහ කින්නියා ගොඩබිම වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 වර්ෂයේ පෙබරවාරි මස 28 වැනි දින සිට මාර්තු මස 09 වැනි දින දක්වා කාලය තුලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රි කිමිදුම් කටයුතු සිදුකර මසුන් ඇල්ලීම, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සහ පුපුරනද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම සිදුකල පුද්ගලයන් විසි හය දෙනෙකු (26), නීති විරෝධී උගුල් දැල් දෙසීය තිස්තුනක් (233), නීති විරෝධී ට්‍රැමල් දැල් දොළහක් (12), මොනොෆිලමන්ට් දැල් එකොළහක් (11), මුහුදු කූඩැල්ලන් ගණනින් 2130 ක්, කැබ් රථ දෙකක්(02), ඩිංගි යාත්‍රා හතරක් (04) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

12 Mar 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ සබන් තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ 2025 මාර්තු මස 11 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ සබන් කැට අටසීය පනස් පහක (855) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01), සහ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

12 Mar 2025

දේශිය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 මාර්තු මස 06 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට දකුණෙන් වූ මුහුදු තීරයේදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දහ හතරක් (14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

07 Mar 2025

නීතී විරෝධී ලෙස රැගෙන ආ විදේශිය දුම්වැටි 160,000ක තොගයක් සහ ඖෂධ පෙති තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 මාර්තු මස 06 වැනි දින සන්ධ්‍යාවේ කල්පිටිය ඉප්පන්තිව් වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ අතහැර දමන ලද ඩිංගී යාත්‍රාවක තිබූ නිති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද විදේශීය දුම්වැටි එක් ලක්‍ෂ හැටදහසක (160,000) තොගයක් සහ ඖෂධ පෙති විසි දෙ‍දහස් එකසියයක (22,100) තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

06 Mar 2025

පානම ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව දායක වෙයි

අධික වර්ෂාපතනය හේතුවෙන් පානම ප්‍රදේශයෙහි ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, පිඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව 2025 මාර්තු මස 03 වැනි දින, ආරම්භ කෙරුණු ආපදා සහන මෙහෙයුමට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, යුද්ධ හමුදාව සහ පොලීසිය ඇතුළු පාර්ශවයන්ගේ දායකත්වයෙන් අඛණ්ඩව සිදු කරමින් සිටියි.

06 Mar 2025

ගංවතුර හමුවේ ලාහුගල නීලගිරි රජමහා විහාරස්ථානයේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීමේ අවස්ථාව සඳහා සහභාගී වන බැතිමතුන් හට නාවික හමුදාව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ අම්පාර හැඩඔය පිටාර ගැලීමෙන් ඇතිවී ඇති ගංවතුර තත්වය හමුවේ, ලාහුගල නීලගිරි රජමහා විහාරස්ථානයේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීමේ පුණ්‍ය මහහෝත්සවය සඳහා සහභාගී වන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව 2025 මාර්තු මස 04 වැනි දින, ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසීය ඇතුළු පාර්ශවයන්ගේ දායකත්වයෙන් අවශ්‍ය සහන සැලසීමට කටයුතු කෙරිණි.

05 Mar 2025

රුපියල් මිලියන 69 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වත්තිරායන් වෙරළේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව යාපනය කිලිනොච්චි වත්තිරායන් වෙරළ ප්‍රදේශයේ 2025 මාර්තු මස 04 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ කේරළ ගංජා කිලෝ එකසිය හැත්තෑ හතරයි (174) ග්‍රෑම් එකසිය විසි හයක (126) පමණ තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

04 Mar 2025

විදේශීය දුම්වැටි 3000ක් සමඟ සැකකරුවෙක් කොළඹදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ මධ්‍යම අපරාධ විමර්ෂණ කාර්යාංශය හා එක්ව 2025 මාර්තු මස 03 වැනි දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී විදේශීය දුම්වැටි තුන්දහසක (3000) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට අසුකර ගැනීමට කටයුතු කෙරිණි.

04 Mar 2025