මෙහෙයුම් පුවත්
බහු දින යාත්‍රාවකින් මුහුදට වැටී පැය 18කට අධික කාලයක් මුහුදේ පා වෙමින් සිටි ධීවරයෙකු නාවික හමුදාව විසින් බේරා ගනී
‘ලක්විදු 3’ නැමති බහු දින ධීවර යාත්‍රාවෙන් තංගල්ල මුහුදු ප්‍රදේශයේ දී 2022 ජනවාරි 08 පස්වරුවේ මුහුදට වැටුණු ධීවරයෙකු, නාවික හමුදාවේ ඒ 543 යාත්‍රාව මඟින් අද (2022 ජනවාරි 09) උදෑසන බේරා ගැනීමෙන් අනතුරුව කඩිනමින් ගාල්ල වරාය වෙත රැගෙන විත්, ඉදිරි ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.
09 Jan 2022
මුහුදේ දී ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් මුදා ගැනීම සඳහා නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් ‘අසේල පුතා II’ නැමති බහු දින ධීවර යාත්‍රාවෙන් මුදාගත් ධීවරයින් පස් දෙනෙකු (05) නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙන් MV PGC Periklis (IMO 9796171) නම් විදේශිය නෞකාව මඟින් ගාල්ල වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර කටයුතු සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කිරීමට අද (2022 ජනවාරි 08) සන්ධ්‍යාවේ නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
08 Jan 2022
නාවික හමුදාව 2021 වර්ෂයේදී සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට
දැයේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගැනීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීම උදෙසා සුවිශාල දායකත්වයක් දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව, 2021 වර්ෂයේදී පමණක් මෙරට සාගරික වපසරිය තුළ මෙන්ම ජාත්‍යන්තර මුහුදේ සිදු කළ සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමකින් යුත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් විය.
31 Dec 2021
රුපියල් මිලියන 26කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 දෙසැම්බර් මස 30 වන දින අළුයම මුලතිවු පුදුකුඩුඉරිප්පු, සුහන්දිරපුරම් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 89 ග්‍රෑම් 200ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
31 Dec 2021
රුපියල් මිලියන 155කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 517ක පමණ තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 දෙසැම්බර් මස 23 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අවස්ථා දෙකකදී පිළිවෙලින්, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 355කට අධික තොගයක් සහ කිලෝ ග්‍රෑම් 162 කට අධික තොගයක් සැකකරුවන් දෙදෙනෙකු (02) ද සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
24 Dec 2021
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, අනලතිව් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ 2021 දෙසැම්බර් මස 20 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් 13ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Dec 2021
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරමට දකුණු දෙසින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් 12ක් අද (2021 දෙසැම්බර් 19) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
19 Dec 2021
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 06ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ගිණිකොන දෙසින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 06ක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් 43ක් 2021 දෙසැම්බර් මස 18 වන දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
19 Dec 2021
ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව මඟින් අත්අඩංගුවටගත් රුපියල් මිලියන 2509 කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය රැගත් විදේශීය යාත්‍රාව සහ සැකකරුවන් ගොඩබිමට රැගෙන එයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් පසුගිය දා අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 2509 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250 ග්‍රෑම් 996ක තොගය (ඇසුරුම් බර සහිතව) රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 06 දෙනා අද (2021 දෙසැම්බර් 15) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එය නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.
15 Dec 2021
මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් තවත් විදේශිය ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක් මඟින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක් විදෙස් සැකකරුවන් 06 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
11 Dec 2021


