මෙහෙයුම් පුවත්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අක්‍රීය වූ පාලම් පාරුව නාවික හමුදාව යලි පණ ගන්වයි

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොටසක් මුහුදේ ගිලී අක්‍රීය තත්ත්වයට පත්ව තිබූ යාපනය පුංගුඩුතිව් දූපතේ කුරිකට්ටුවාන් ජැටියේ සිට නයනතිව් දූපත දක්වා භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදා ගනු ලබන පාලම් පාරුව (Ferry) නාවික හමුදාවේ දායකත්වයෙන් අලුත්වැඩියා කර අද (2021 මැයි 27) යලි පණගැන්වීමට කටයුතු කෙරිණි.

27 May 2021

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා සහාය යන සිරස්තලය යටතේ 2021 මැයි මස 25 වන දින නිකුත් කළ පුවත හා සබැ‍ඳේ

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඉදිරිපස ඇති වූ ගින්න මේ වන විට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වි ඇති අතර, නෞකාව මතින් මුහුදට වැටෙන බාහාලුම් සහ විවිධ කොටස් මුහුදේ රළ ස්වභාවය අනුව පාවී වෙරළ තීරයට ගොඩගසන බව නිරික්‍ෂණය වේ.

26 May 2021

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා සහාය යන සිරස්තලය යටතේ 2021 මැයි මස 22 වන දින නිකුත් කළ පුවත හා සබැ‍ඳේ

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඉදිරිපස ඇති වූ ගින්න මේ වන විට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතී. කාළගුණික තත්වයේ වෙනස් වීම මත දැඩි වූ සුළං ප්‍රවාහය මෙලෙස ගින්න තවත් වර්ධනය වීමට හේතුවී ඇති අතර, මේ වන විට නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය සහ ගලවා ගැනීමේ සමාගමේ විශේෂඥ පිරිස නිරුපද්‍රිතව නෞකාවෙන් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරිණි.

25 May 2021

ගංවතුර ආපදාවට පෙර නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

පවත්නා අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීම සදහා දකුණු පාළාතේ ප්‍රදේශ කිහිපයක් සදහා නාවික හමුදා සහන කණ්ඩායම් 04ක් ස්ථානගත කිරීමට අද (2021 මැයි 23) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

23 May 2021

රුපියල් මිලියන 39 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොණ්ඩමනාරු වෙරළ ප්‍රදේශයේ 2021 මැයි මස 22 වන දින සිදු කළ විශේෂ පාමුර සංචාරයකදි වෙරලේ අතහැර දමා තිබු කේරළ ගංජා කිලෝ 131 ග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

23 May 2021

කේරළ ගංජා සමඟ සැකකරුවකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ 2021 මැයි මස 21 වන දින සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 790 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

22 May 2021

නාවික හමුදාවෙන් පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරිමේ තවත් මෙහෙයුමක්

ගිං ග‍ඟ හරහා ඇති වක්වැල්ල සහ අගලිය පාලම් තුළ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ තවත් මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2021 මැයි මස 21 වන දින ක්‍රියාත්මක කෙරිණි.

22 May 2021

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා සහාය යන සිරස්තලය යටතේ 2021 මැයි මස 21 වන දින නිකුත් කළ පුවත හා සබැ‍ඳේ

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි 2021 මැයි 20 වන දින ඇති වු ගින්න අද (2021 මැයි 22) වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව මේ වන විට පාලනය කරමින් සිටියි.

22 May 2021

කේරළ ගංජා සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම ප්‍රදේශයේ 2021 මැයි මස 20 වන දින සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් විකිණීම සඳහා සූදානම් කළ කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 450 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

21 May 2021

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා සහාය

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ X-PRESS PEARL නැමති බහාලුම් ප්‍රවාහන නෞකාවේ 2021 මැයි 20 වන දින දිවා කාලයේ ගින්නක් ඇතිවී ඇති බවට ලද තොරතුරකට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම මුහුදු ප්‍රදේශය වෙත ශ්‍රී ලංනානෞ සාගර සහ සිඳුරළ යන ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා 02 සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර හැරීමට කටයුතු කෙරිණි. මේ වන විට වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රාවක් (01) ද මෙම මුහුදු ප්‍රදේශයේ නෞකාවේ ඇති වී තිබෙන ගින්න පාලනය සඳහා යොදවා ඇත.

21 May 2021