මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 49කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් තලෛයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම වැලිපර 1 සහ 2 අතර මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ එකසිය විසි හතරයි (124) ග්‍රෑම් තුන්සිය අනූ දෙකක (392) පමණ තොගයක් (තෙතබර සහිත) 2025 මාර්තු මස 28 වැනි දින උදෑසන නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Mar 2025

රුපියල් මිලියන 08කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සමඟ සැකකරුවෙකු පරන්තන් ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ විස්සයි (20) ග්‍රෑම් එකසිය පනහක (150) පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් (01) සමඟ සැකකරුවෙකු (01) 2025 මාර්තු මස 26 වැනි දින රාත්‍රී කාලයේදී නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

27 Mar 2025

දේශිය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන්වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් එකොලොස් දෙනෙකු (11) අද (2025 මාර්තු 27) අළුයම් කාලයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

27 Mar 2025

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 57 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව ධීවර පරීක්‍ෂක කාර්යාල සහ ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව මුලතිව් නන්දිකඩාල් කලපුව, ත්‍රීකුණාමලය කොඩ් බේ, ඉච්චලම්පත්තු, කල්කුඩා, කෝකිලායි, පොතුවිල් සහ කින්නියා ගොඩබිම වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 වර්ෂයේ මාර්තු මස 08 වැනි දින සිට මාර්තු මස 20 වැනි දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රි කිමිදුම් කටයුතු සිදුකර මසුන් ඇල්ලීම, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සහ නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 57ක් නිතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

26 Mar 2025

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් දකුණූ මුහුදේදී අනතුරක් හේතුවෙන් අසාධ්‍ය වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණූ දෙසින්, දෙවුන්දර සිට නාවික සැතපුම් 326ක් (කිලෝ මිටර් 603ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී හදිසි අනතුරක් හේතුවෙන් අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක සහයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත්, ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් 2025 මාර්තු මස 25 වැනි දින සංධ්‍යාවේදී කටයුතු කෙරිණි.

25 Mar 2025

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ඒමට උත්සහ කල එනසාල් සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 03ක් මන්නාරමෙදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම තාවුල්පාඩු වෙරළ ප්‍රදේශයේ 2025 මාර්තු මස 23 වැනි දින උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ එනසාල් කිලෝග්‍රෑම් 402කට අධික තොගයක්, ෂැම්පු පැකට් 3781ක් සහ රූපලාවණ්‍ය ආලේපන පැකට් 51ක් රැගත් ඩිංගි යාත්‍රාවක්, සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

24 Mar 2025

රුපියල් මිලියන 153 කට අධික දළ වීථි වටිනාකමින් යුත් හසීස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් කොළඹදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව කොළඹ 12 ප්‍රදේශයේ 2025 මාර්තු මස 19 වැනි දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, හසීස් මත්ද්‍රව්‍ය කිලෝ 19 ග්‍රෑම් 348ක තොගයක්, හෙරොයින් ග්‍රෑම් 348ක ප්‍රමාණයක් සහ අයිස් ග්‍රෑම් 4ක ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

20 Mar 2025

දේශිය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 මාර්තු මස 17 වැනි දින රාත්‍රී කාලයේ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු තීරයේදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

18 Mar 2025

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 26 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මුලතිව් නන්දිකඩාල් කලපුව, ත්‍රීකුණාමලය බැක් බේ, මන්මුනෙයි, එරක්කන්ඩි, වෙත්තලකේනි, මඩකලපුව කලපුව, මන්නාරම, යාපනය කුදිරමලේතුඩුව සහ කින්නියා ගොඩබිම වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 වර්ෂයේ පෙබරවාරි මස 28 වැනි දින සිට මාර්තු මස 09 වැනි දින දක්වා කාලය තුලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රි කිමිදුම් කටයුතු සිදුකර මසුන් ඇල්ලීම, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සහ පුපුරනද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම සිදුකල පුද්ගලයන් විසි හය දෙනෙකු (26), නීති විරෝධී උගුල් දැල් දෙසීය තිස්තුනක් (233), නීති විරෝධී ට්‍රැමල් දැල් දොළහක් (12), මොනොෆිලමන්ට් දැල් එකොළහක් (11), මුහුදු කූඩැල්ලන් ගණනින් 2130 ක්, කැබ් රථ දෙකක්(02), ඩිංගි යාත්‍රා හතරක් (04) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

12 Mar 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ සබන් තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ 2025 මාර්තු මස 11 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ සබන් කැට අටසීය පනස් පහක (855) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01), සහ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

12 Mar 2025