මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 20 ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ 2021 අප්‍රේල් 06 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 20 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
08 Apr 2021
රුපියල් මිලියන 10 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වන්කාලෙයිපාඩු වෙරළ ප්‍රදේශයේ 2021 මාර්තු 30 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් කිලෝග්‍රෑම් 33 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 Apr 2021
නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 10219 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය දෙසතියක කාලසීමාව තුළ නැගෙනහිර, උතුර, වයඹ සහ උතුරු මැද නාවික විධානයන්හි සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 10219 ක පමණ ප්‍රමාණයක් පුද්ගලයින් හා කිමිදුම් උපකරණ සමඟින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
31 Mar 2021
මහා අනතුරක් වලකමින් දික්ඕවිට වරායේ නවතා තිබූ ධීවර යාත්‍රාවක ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වේ
දික්ඕවිට, ධීවර වරාය තුළ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක අද පස්වරුවේ (2021 මාර්තු 29) ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදා ගිනි නිවීමේ ඒකකය කටයුතු කෙරිණි.
29 Mar 2021
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 54 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2021 මාර්තු මස 24 වන දින රාත්‍රියේ ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලු වී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 54ක් අත්අඩංගුවට ගැනිණි.
25 Mar 2021
රුපියල් මිලියන 71 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව යාපනය, වෙත්තලකේණි ප්‍රදේශයේ අද (2021 මාර්තු 22) දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 239 ග්‍රෑම් 850 ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
22 Mar 2021
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියලි කහ කිලෝග්‍රෑම් 2221 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය මොහොත්තුවාරම් වෙරළ තීරයේ සහ තලේමන්නාරම කුඩුඉරිප්පු වෙරළ තීරයේ 2021 මාර්තු 19 සහ 20 යන දෙදින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් නාවික මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් අතහැර දමන ලද තෙතබර සහිත වියලි කහ කිලෝග්‍රෑම් 2221 ග්‍රෑම් 600ක තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Mar 2021
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කහ සහ එනසාල් තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ 2021 මාර්තු 15 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කහ කිලෝග්‍රෑම් 349 ක පමණ ප්‍රමාණයක් සහ එනසාල් කිලෝග්‍රෑම් 156 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
16 Mar 2021
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කල පුද්ගලයින් 24 දෙනෙක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව කල්පිටිය, කුරක්කන්හේන ප්‍රදේශයේ අද (2021 මාර්තු 11) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානම් වූ පුද්ගලයින් 24 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
11 Mar 2021
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ රුපියල් මිලියන 42 කට අධික වටිනා කමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව යාපනය, එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 මාර්තු 10 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 42කට අධික වටිනා කමින් යුත් කේරළ ගංජා කිලෝ 141ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
11 Mar 2021


