මෙහෙයුම් පුවත්

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 අප්‍රේල් මස 13 දින රාත්‍රී කාලයේ, මන්නාරමට උතුරු දෙසින් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් ‍සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

15 Apr 2026

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 අප්‍රේල් මස 11 වැනි දින රාත්‍රී කාලයේ, යාපනය කරෙයිනගර් කෝවිලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් ‍දොලොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 Apr 2026

නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 06ක් යාපනය නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 10 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කර මුහුදු කූඩැල්ලන් අල්ලා ගොඩබිමට රැගෙන එමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් නවසිය තිස් නවයක් (939), ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 Apr 2026

නීති විරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 907 පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2026 අප්‍රේල් මස 06 හා 07 යන දෙදින තුල කල්පිටිය, බංගලවත්ත හා සේතවාදී වෙරළ ප්‍රදේශ ආවරණය කරමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීතිවිරෝධී ලෙස රට තුළට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 907කට ආසන්න තොගයක් සැකකටයුතු ලෙස උරවල අසුරා සඟවා තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

10 Apr 2026

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2026 අප්‍රේල් මස 08 දින රාත්‍රී කාලයේ, මන්නාරමට උතුරු දෙසින් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් ‍දසදෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

10 Apr 2026

නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 36 ක් මන්නාරම ඉලුප්පුකඩවායි මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ඉලුප්පුකඩවායි මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 30 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් තිස් හය දෙනෙකු (36) සමඟ ඩිංගි යාත්‍රා හයක් (06), මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් හත්සිය පනහක් (1750) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

02 Apr 2026

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ එනසාල් තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පි‍ටිය කිරිමුන්දලම මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි 2026 මාර්තු මස 31 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුරදි, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ එනසාල් කිලෝ ග්‍රෑම් අනු අටක (98) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

02 Apr 2026

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 323 කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් වලට සමඟාමීව ‘රටම එකට’ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහි ජාතික වැඩපිළිවෙල වෙනුවෙන්ද තීව්‍ර නාවික මෙහෙයුම් සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි සිදුකරනු ලබයි. ඒ යටතේ, ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකල මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බහාලූ බවට සැක කෙරෙණ උර දහනවයක් (19) ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

01 Apr 2026

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල භාණ්ඩ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, කුඩාව වෙරළ ප්‍රදේශයේ 2026 මාර්තු මස 31 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැක කෙරෙණ භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

01 Apr 2026

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 468ක පමණ තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම තලවිල එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශයේ 2026 මාර්තු මස 26 වැනි දින රාත්‍රී‍ කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හැට අටක (468) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

30 Mar 2026