මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් කල්පිටියේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2026 ජනවාරි මස 14 වැනි දින කල්පිටිය කුඩාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය දහහතක (617) පමණ තොගයක් රැගත් කැබ් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
17 Jan 2026
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල පක්‍ෂීන් 237ක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කච්චතිව් දුපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස විදේශයකින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කල පක්‍ෂීන් දෙසීය තිස් හත් දෙනෙකු (237) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2026 ජනවාරි 14) අළුයම් කාලයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
15 Jan 2026
නීති විරෝධී ලෙස ගොඩ දැමූ වැලි රැගත් ඩිංගි යාත්‍රා 05ක් ත්‍රිකුණාමලය උප්පාරු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය උප්පාරු ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මහවැලිගඟේ උප්පාරු පාලම අසල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ගොඩ දැමු වැලි තොග රැගත් ඩිංගි යාත්‍රා පහක් (05), 2026 ජනවාරි මස 13 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
15 Jan 2026
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් 621ක පමණ තොගයක් මීගමුව මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ 2026 ජනවාරි මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය විසි එකක (621) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
14 Jan 2026
ඖෂධ පෙති 108,480ක තොගයක් කල්පිටිය කන්දක්කුලිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කන්දක්කුලිය මුහුදු ප්‍රදේශයේ 2026 ජනවාරි මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රට තුලට ගෙන ඒමට උත්සාහ කල ඖෂධ පෙති එක්ලක්‍ෂ අටදහස් හාරසිය අසූවක (108,480) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
13 Jan 2026
දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් 01 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2026 ජනවාරි මස 12 දින රාත්‍රී කාලයේ, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
13 Jan 2026
නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 13ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 ජනවාරි 06 වැනි දින සිට 11 වැනි දින දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන්, බලපත්‍ර නොමැතිව කිමිදුම් කටයුතු සිදුකරමින් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් දහතුන් දෙනෙකු (13) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
13 Jan 2026
විදේශීය කංසා කිලෝ 02ක් සමඟ සැකකරුවෙක් යාපනය මරදන්කේනි ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව, යාපනය මරදන්කේනි ප්‍රදේශයේ 2026 ජනවාරි මස 09 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී විදේශීය කංසා කිලෝග්‍රෑම් දෙකක (02) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
11 Jan 2026
නීති විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි 1560ක තොගයක් සමඟ සැකකරුවන් 02ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කොළඹ අළුත්කඩේ ප්‍රදේශයේ 2026 ජනවාරි මස 08 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි එක්දහස් පන්සිය හැටක (1560) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
09 Jan 2026
නුවරඑළිය ග්‍රෙගරි වැවේදී අනතුරටපත් ගුවන් යානයේ නියමුවන් දෙදෙනා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් මඟින් නිරුපද්‍රිතව මුදා ගනියි
නුවරඑළිය ග්‍රෙගරි වැව මතට ගොඩබෑමේදී පෞද්ගලික ගුවන් සමාගමකට අයත් C 208 වර්ගයේ ගුවන් යානයක් (Sea Plane) අද දින (2026 ජනවාරි 07) අනතුරට ලක්වූ අතර, ග්‍රෙගරි වැව පරිශ්‍රයේ රාජකාරී නියුතු නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායමක් පොලිස් ජීවිතාරක්‍ෂක කණ්ඩායමක් හා එක්ව ක්‍ෂණිකව ක්‍රියාත්මක කල මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, එම ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා (02) නිරුපද්‍රිතව මුදා ගැනීමෙන් පසු, වැඩිදුර ප්‍රථිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.
08 Jan 2026


