මෙහෙයුම් පුවත්
නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකල සැකකරුවන් පස් දෙනෙකු (05) මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම වංකාලේ ප්‍රදේශයේ සහ සිලාවතුර වෙරළ ප්‍රදේශයේදී 2024 නොවැම්බර් මස 13 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකර අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් පනස් පහක (1055) පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
14 Nov 2024
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2024 නොවැම්බර් 12) යාපනය, චූණ්ඩිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
12 Nov 2024
නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකල සැකකරුවන් තිදෙනෙකු මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම වන්කාලේ ප්‍රදේශයේ අද දින (2024 නොවැම්බර් 09) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකර අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් පන්සිය අසූ පහක (585) පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
09 Nov 2024
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 10 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම සවුත්බාර් මුහුදු ප්‍රදේශයේදී 2024 නොවැම්බර් මස 07 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දස දෙනෙකු (10) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
08 Nov 2024
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 04 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය කුච්චවේලි ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී 2024 නොවැම්බර් මස 05 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Nov 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1287 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කීරි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව අද දින (2024 නොවැම්බර් 04) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය අසූ හතකට (1287) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Nov 2024
අයිස් මත්ද්‍රව්‍ය, විදේශීය දුම්වැටි සහ නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලම නාගවිල්ලුව ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව 2024 නොවැම්බර් මස 01 වන දින පුත්තලම, නාගවිල්ලුව ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අටක් (08), විදේශිය දුම්වැටි තුන්සිය විස්සක් (320), ගෝඩා ලීටර් හාරසිය හතලිහක් (440) සහ නීති විරෝධී ලෙස සකස් කළ ස්ප්‍රීතු හා මත්පැන් ලීටර් සියයක් (100) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
02 Nov 2024
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 06 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය අඩුක්කුපාඩු මුහුදු ප්‍රදේශයෙහි 2024 නොවැම්බර් මස 01 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
02 Nov 2024
නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකල සැකකරුවන් හය දෙනෙකු (06) මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පන්ඩරවේලි මුහුදු ප්‍රදේශයේ අද දින (2024 නොවැම්බර් 01) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකර අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් දෙසීය විසි හතක (227) පමණ තොගයක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 Nov 2024
හක් බෙල්ලන් 1180 ක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, කල්පිටිය වන්නිමුන්දලම ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 30 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, බලපත් රහිතව නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කර සඟවා තිබූ හක් බෙල්ලන් ගණනින් එක්දහස් එකසිය අසූවක (1180) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
31 Oct 2024