මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 468ක පමණ තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම තලවිල එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශයේ 2026 මාර්තු මස 26 වැනි දින රාත්‍රී‍ කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හැට අටක (468) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

30 Mar 2026

නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04ක් මන්නාරම වංකාලයි මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම වංකාලයි මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 27 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04), මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්සිය හතලිස් නවයක් (349) සහ කිමිදුම් උපකරණ සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

30 Mar 2026

නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 03ක් මන්නාරම පාලකමුනයි මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පාලකමුනයි මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 20 වැනි දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් තුන්සිය හතරක් (304), ඩිංගි යාත්‍රාවක් (01) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

23 Mar 2026

නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 53ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මාර්තු මස 03 සිට 18 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන්, විදුලි ආලෝක ධාරා ඇතුළු නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන්, බලපත්‍ර නොමැතිව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් සහ වින්ච් යන්ත්‍ර හා ට්‍රැක්ටර් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් පනස් තුන් දෙනෙකු (53) සමඟ ඩිංගි යාත්‍රා දහතුනක් (13) සහ ට්‍රැක්ටර් රථ හතරක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

20 Mar 2026

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ සහ එනසාල් තොගයක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම මාම්පූරි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2026 මාර්තු මස 15 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් දෙකකට (1002) අධික තොගයක් (තෙත බර සහිතව) සහ එනසාල් කිලෝ ග්‍රෑම් එකසිය දහසයක (116) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

19 Mar 2026

නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1273 කට අධික තොගයක් හලාවත මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවත ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 15 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසීය හැත්තෑ තුනකට (1273) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

19 Mar 2026

නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 2000ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 03ක් කිලිනොච්චිය පල්ලිකුඩා ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය පල්ලිකුඩා ප්‍රදේශයේ 2026 මාර්තු මස 12 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් දෙදහසක පමණ තොගයක් (2000), සැකකරුවන් තිදෙනෙක් (03) සහ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

18 Mar 2026

ශ්‍රී ලංකාවට බටහිර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 255 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීම වෙනුවෙන් නාවික හමුදාව ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, අනෙකුත් සන්නද්ධ හමුදා ඇතුළු නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හා එක්ව දිවයින වටා මුහුදු කලාපය ආවරණය වන පරිදි විශේෂිත වූ නාවික මෙහෙයුම් ක්‍රියාවට නන්වා ඇත. ඒ යටතේ බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ සිදුකල මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බහාලූ බවට සැක කෙරෙණ උර දහයක් (10) ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

17 Mar 2026

රුපියල් මිලියන 15කට අධික දළ වීථි වටිනාකමකින් යුත් විදේශීය කංසා තොගයක් කිලිනොච්චියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චි ඩෙවිල්ස් පොයින්ට් මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ විදේශීය කංසා කිලෝ හැත්තෑ අටයි (78) ග්‍රෑම් තුන්සියයක (300) පමණ තොගයක් 2026 මාර්තු මස 13 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

17 Mar 2026

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක නාවික හමුදා මෙහෙයුම් මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 133කට අධික තොගයක් නාවික හමුදා භාරයට

‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස, මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීම වෙනුවෙන් නාවික හමුදාව අනෙකුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ පාර්ශ්වයන් හා එක්ව දිවයින වටා මුහුදු කලාපය ආවරණය වන පරිදි විශේෂිත වූ නාවික මෙහෙයුම් ක්‍රියාවට නන්වා ඇත. ඒ යටතේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකරන ලද සාර්ථක නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය බහාලූ බවට සැක කෙරෙණ උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

16 Mar 2026