මෙහෙයුම් පුවත්

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් මන්නාරම දකුණු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2024 අගෝස්තු මස 05 වන දින මන්නාරම දකුණු මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙකු (22) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

06 Aug 2024

රුපියල් මිලියන 82 ක‍ට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් කිලිනොච්චිය ඉරණතිව් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය, ඉරණතිව් දූපතේ 2024 අගෝස්තු 04 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම දූපතේ ලඳු කැලෑවක් තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය හතකට (207) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

05 Aug 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව අද දින (2024 අගෝස්තු 03) යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු (04) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

03 Aug 2024

රුපියල් මිලියන 70 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03 ක් කිලිනොච්චියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය ඉරමතිව් මුහුදු ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 03) දිවා කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එක්සීය හැත්තෑ හයකට (176) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

03 Aug 2024

උතුරු මුහුදේදී ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවෙන් මුදවාගත් ධීවරයින් ඉන්දීය නාවික හමුදාවට භාරදෙයි

යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළදී අනතුරට පත්ව මුහුදුබත් වූ, ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයින් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 ජූලි මස 31 වන දින සිදුකල මුදවාගැනිමේ මෙහෙයුම මඟින් මුදවාගත් ධීවරයින් දෙදෙනා (02) සහ, ප්‍රතිකාර සඳහා පුංගුඩුතිව් රෝහල වෙත ඇතුලත් කිරීමේදී ජීවිතක්‍ෂයට පත්ව සිටි එක් (01) ධීවරයෙකුගේ මෘතදේහය, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS BITRA’ නෞකාව වෙත ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් භාරදීම, 2024 අගෝස්තු මස 02 වන දින ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර මුහුදු සීමාවේදී සිදුකෙරිණි.

03 Aug 2024

නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 749 ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද දින (2024 ජුලි 31) අළුයම් කාලයේ කල්පිටිය, උච්චමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ වියලි කහ කිලෝග්‍රෑම් හත් සියය හතළිස් නවයක (749) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

31 Jul 2024

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 27 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව; ත්‍රීකුණාමලය කෝණේෂ්වරම් කෝවිල හා චැපල් තුඩුව ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී 2024 ජුලි මස 27 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසි හතක් (27) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

29 Jul 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1276 ක තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය එරුමතිව් දූපතේ සහ එම මුහුදු ප්‍රදේශයේ 2024 ජුලි මස 26 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය හැත්තෑ හයක (1276) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

27 Jul 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1780 ක පමණ තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව දඩුගම කලපුවේ 2024 ජුලි මස 24 වන දින සවස් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හත්සිය අසූවක (1780) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රා හයක් (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

25 Jul 2024

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ගාල්ල සිට නාවික සැතපුම් 200 පමණ (කිලෝ මීටර් 370 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී රෝගාතුර වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා නෞකා විජයබාහු නෞකාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, අද දින (2024 ජුලි 24) සන්ධ්‍යාවේ ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

24 Jul 2024